ලක්ෂ 86ක් අයිස් තොගයක් කටුනායකදි රේගු භාරයට.

0
768
- Advertisement -

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ලංකාවට රැගෙන එමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පවසනවා.

මෙම මත්ද්‍රව්‍ය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල විශාල මිල ගණන් යටතේ අලෙවි වන බව රේගු අංශ විසින් පැවසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයා 29 හැවිරිදි ඉන්දිය ජාතිකයෙකි, ඔහු අලුයම 1.40ට පමණ ඉන්දියාවේ චෙන්නා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී – 001 දරණ ගුවන් යානයෙන් පැමිණ ඇත.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ මුලු වටිනාකම රුපියල් අසු හය ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පනහක් බව රේගුව විසින් සදහන් කළ.