ලක්ෂ 750 ක් අයථා ලෙස ඉපයී ම. විමල් අධිකරණයට නොඑයි. නඩුව සැප්තැම්බර් 07 සහ 09 විභාගයට.

0
1496
- Advertisement -

රුපියල් ලක්ෂ හත්සිය පනහකට වඩා වැඩි දේපලක් අයථා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා කරමින්, අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව, අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසම මගින් පවරා ඇති නඩුව, සැප්තැම්බර් 07 සහ 09 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දිනයේ දී තීන්දු කර තිබේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව, අද පෙරවරුවේ කොළඹ මහාධිකරණය මගින් කැද වූ අතර, එහිදී නඩුව විභාග කිරීම සදහා ඉහත දින ලබා දෙන ලදී.

නඩුවට අදාල සාක්ෂි ලබා දීම සදහා එම දිනවල පැමිණෙන ලෙස සාක්ෂි කරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද අධිකරණය දැනුම් දී තිබේ.

අද නඩුව කැදවූ අවස්ථාවේ විමල් වීරවංශ මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.

ඔහුගේ නීතීඥයන් පවසා සිටියේ, නඩු විභාගය ආරම්භ වූ පසු අමාත්‍යවරයා ඊට මුහුන දීම සදහා පැමිණෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 11 =