ලක්ෂ 3600 ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය. බැසිල්ගේ නඩුවට දින නියම වේ.

0
399
- Advertisement -

ජනාධිපතිවරණය පැවති 2015 වසරේ දිවි නැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 36කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි පැවති රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩුව විභාග කිරීම අගෝස්තු මස 06 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (27) නියෝග කර තිබේ.

එම නඩුව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව ගොනුකර ඇත.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුවට අදාළ ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවත් ඒවායේ පිටපත් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ප්‍රකාශ ඔවුන්ට පරික්ෂා කිරීමට ඉඩ දී ඒවා ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 06 වනදා ආරම්භ කරවීමටද විනිසුරුවරයා විසින් නියෝග කරන තිබේ.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට දේශපාලන කටයුතු සඳහා ජී.අයි බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

lanka truth.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − two =