ලක්ෂ 300 ක් අයතා ලෙස ඉපයීම. නාමල්ගේ නඩුව දෙසැම්බර් 10 ට කල්යයි.

0
1388
- Advertisement -
Share

ලක්ෂ 300 ක් අයතා ලෙස ඉපයීම.
නාමල්ගේ නඩුව දෙසැම්බර් 10 ට කල්යයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව, මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුව, දෙසැම්බර් මාසයේ 10 වන දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි ලෙස උපයා තිබූ රුපියල් ලක්ෂ තුන්සියයකට ආසන්න මුදලක්, ගවර්ස් කෝපරේශන් නම් ආයතනයේ ආයෝජනය කිරීම මගින් මුදල් විශුද්ධි කරණය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුනි.

ඊයේ අදාල නඩුව කැදවූ අවස්ථාවේ දී, නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොතිබීම හේතුවෙන් නඩුව මෙසේ කල් තැබීමට සිදුවිය.

මෙම නඩුවේ සිව්වන සැකකාරිය වන සුජානි බෝගොල්ලාගමට එරෙහිව පනවා තිබූ සංචාරක තහනම ඊයේ දිනයේ දී ඉවත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − two =