ලක්ෂ දෙදාහක් යටිමඩි ගැසූ බවට චෝදනා එල්ල වූ රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස්.

0
453
- Advertisement -
Share

ලක්ෂ දෙදාහක් යටිමඩි ගැසූ බවට චෝදනා එල්ල වූ
රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස්.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට අයත් නිවාස අළුත් වැඩියා කිරීම සදහා, මහා භාණ්ඩාගාරයෙන්, රාඩා ආයතනයට රුපියල් මිලියන දෙසීයක මුදලක් ලබා දී තිබුණි.

ඒ නමුත්, එම මුදල, අදාල කාර්යය සදහා නොයොදා, සාවද්‍ය සහ සාපරාධීව පරිහරණය කරන ලද බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් ටිරාන් අලස් ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරා තිබුණි.

ටිරාන් අලස් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියා වූ ඇන්තනී එමිල් කාන්තන් ඇතුළුව සිව් දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් විය.

විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව තව දුරටත් ඉදිරියට ගෙන නොයන බවට නීතිපතිවරයා විසින් දැනුම් දීමෙන් පසුව, ඔවුන්ට නිදහස හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + seven =