ලංගම බස් රථය නිසා දිවි අහිමි වූ මී ගවයින්.

0
763
- Advertisement -

ත්‍රිකුණාමළය කොළඹ ප්‍රධාන මාර්ගයේ කන්තලේ 91 ප්‍රදේශයේ දී අද (19) අළුයම ලංගම බස් රථයකට ලක්ෂ 6 ක් පමණ වටිනා මී ගවයින් තිදෙනෙකු හැපීමෙන් සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනෙකු මිය ගොස් ඇති අතර එකෙකු අසාධ්‍යව සිටිනු දක්නට ලැබුණි.

අනතුරට ලක්වූ බස්රථය හා මී ගවයින් කින්නියා ඩීපෝවට අයත් ලංගම බස් රථය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථයට ද දැඩි අලාභ හානි සිදුවී ඇත.

මී ගවයින් කින්නියාව ප්‍රදේශයේ ගව හිමියෙකුට අයිති සතුන් බවත් ඔවුන් කන්තලේ මහ වැව් පිටියේ අයාලේ යමින් සිටියදී මහමඟට පැමිණ මෙසේ අනතුර සිදුවී ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.

කන්තලේ මූලස්ථාන පොලිසියේ ප්‍රවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත.