“ලංකාව වගේ, රට විදේශිකයන්ට විවෘත කරන්න වියට්නාමය ඉක්මන් වන්නේ නෑ.” මහාචාර්ය සාරා බේල්ස්

0
656
- Advertisement -
Share

“ලංකාව වගේ, රට විදේශිකයන්ට විවෘත කරන්න වියට්නාමය ඉක්මන් වන්නේ නෑ.”
මහාචාර්ය සාරා බේල්ස්

විදේශීය සංචාරකයන් සදහා, අගෝස්තු මාසයේ සිට රට විවෘත කරන බව, ශ්‍රී ලංකා රජය මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

ලංකාව එවැනි තීරණයක් ගත්තත්, ලංකාවට වඩා ඉතා හොදින් කොරෝනා වසංගතයට මුහුණ දුන්, වියට්නාමය, තමන්, එවැනි තීරණයක් ගැනීමට ඉක්මන් නොවන බව පවසා තිබේ.

හැනෝයි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන, සාරා බේල්ස් මහත්මිය මේ අදහස් පළ කර ඇත්තේ, කොරෝනා සම්බන්ධ අත්දැකීම් බෙදා හදා ගැනීම සදහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන ලද වැඩමුළුවකට සහභාගී වෙමිනි.

කොරෝනා – දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, මුළු රටම අඩපණ කළ හැකි එක් අංශයක් විවෘත කිරීමට වියට්නාමයට අවශ්‍ය නැතිබවයි මහාචාර්යවරිය පවසන්නේ.

වියට්නාමයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 332 ක් වාර්තා වී ඇති අතර, ඉන් 320 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. කොරෝනා නිසා සිදු වූ කිසිදු මරණයක් වියට්නාමයෙන් වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + three =