ලංකාව පොලූ තැබිය හැකි බව ජාත්‍යන්තරයට අනතුරු ඇඟවීමක්

0
394
- Advertisement -

ශ්‍රී ලංකාව කුමන මොහොතක හෝ තම විදේශ ණය වාරික ගෙවීම අතපසු කළ හැකි අවදානමක සිටින බව මේ වනවිට විදේශ රටවල් වෙත අනතුරු හඟවා ඇත.

මේ අනතුරු ඇඟවීම කර ඇත්තේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘‘ෆ්‍රිච් ආයතනය’’ විසිනි. ලෝ පුරා රටවල මහා පරිමාන විදෙස් ආ‍යෝජකයන් මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ පූර්ව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් තබන්නනේ සුවිසාල විශ්වාසයකි. විශේෂයෙන්ම ඔවුන් විසින් නිකුත් කරනු ලබන ‘‘ ආයෝජකයන් දැනුවත් විය ‍යුතු කරුණු හා නැගී එන වෙළඳපොළ වගකීම් ’’ වාර්තාව 4Q21”(What Investors Want to Know:
Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ මෙම අනතුරු හැඟවීම කර තිබේ

ඔවුන් විසින් ලෝකයේ විවිධ රටවල් හා ආයතන සම්බන්ධයෙන් කරන පූර්ව ආර්ථික අනාවැකි ලෝකයේ ජාත්‍යන්තර ආයෝජකයන් පමණක් නොව, පෞද්ගලික ව්‍යාපාරිකයන්ද පිලිගන්නේ එය ඉතාම සුපරික්‍ෂාකාරී ආකාරයට ඔවුන් ප්‍රකාශයට පත් කරන නිසාය.

මේ පිළිබඳව වැඩි දුරටත් ප්‍රකාශයක් කළ ෆ්‍රිච් රේටිංග්ස් ආයතන‍යේ අධ්‍යක්‍ෂවරියක් වන සාගරිකා චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු අවදානමකට ලක්වෙමින් මෙලෙස කැඩී බිඳී යන තත්වයක අවදානමකට මුහුණ දී සිටි බව ඔවුන් ආර්ථික අනාවැකි පළ කර ඇත්තේ 2020 කාලයේ සිටය.

ඒ බව 2021 ජුනි මාසයේ CCC ශ්‍රේණිගත කිරීම මගින්ද තමුන් තහවුරු කර ඇති බව ඒ මහත්මිය තවදුරටත් පෙන්වා දී තිබේ. මෙම ආර්ථික අවදානම ගැන තවදුරටත් පෙන්වා දෙන ඇය පවසන්නේ ලංකාව 2021 වසරේ ගෙවීමට ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් විවිධ ව්‍යාපෘති හා බහු පාර්ශවීය ණය වෙනුවෙන් දැරීම කළ යුතුය. මෙය ශක්තිමත් ආර්ථිකයක් ඇති රටකට ගැලපෙන සාමාන්‍ය තත්වයක් නොවේ.

2022 ජනවාරි මාසයේත් එම වසරේම ජුනි මාසයේත් සෛවරී බැඳුම්කර සඳහා ලංකාව පිලිවෙලින් ඩොලර් මිලියන 500ක් හා ඩොලර් බිලියන එකක් ගෙවීම් කළ ‍යුතුව පවතී. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්වලින් ලංකාව දිගින් දිගටම ණය ලබාගැනීමෙන් බැහැර වන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද මෙහිදී ඇය පෙන්වා දෙයි.

ෆ්‍රිච් ආනතනික වාර්තාවට අනුව ලංකාවේ විදේශ විනිමය සංචිතය 2023 වනවිට ඩොලර් බිලියන 25ක් දක්වා පහත වැටෙනු ඇති බවට අනතුරු හඟවා තිබේ.

මෙවැනි තත්වයන් තුළ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්ගෙන් සහනදායි ණය ලබාගැනීම සාමාන්‍ය පිළිවෙතයි. එසේ වුවද එසේ ලබාදෙන ණය මුදල් ඔවුන් විසින් විගණනය කරනු ලබන අතර, එහිදී ණය ගෙවීම සඳහා අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවද කොන්දේසි පැනවීමක් සිදුවෙයි.

නමුත් ලෝකයේ දූෂිත රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක් මෙම අභ්‍යන්තර විගණනයන්ට හා කොන්දේසි වලට කැමැත්තක් දක්වන්නේ නැත. එබැවින් ඔවුන් අනුගමනය කරන්නේ වැඩි පොලී අනුපාත යටතේ කොන්දේසි විරහිත ණය ලබාගැනීමට පියවර ගැනීමයි.

සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න ආර්ථිකයක් පවතින රටක මූලිකම ලක්ෂණය වන්නේ විගණනය හා එය විනිවිද භාවයකින් පවත්වාගෙන යාම වුවද, මේ වනවිට ලංකාව මෙම තත්වයෙන් දුරස් වෙමින්
පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − one =