“ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැටළුකාරීයි.” ජපානය; ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ කේබල් ව්‍යාපෘතියකට ණය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

0
1115
- Advertisement -
Share

“ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැටළුකාරීයි.”
ජපානය; ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ කේබල් ව්‍යාපෘතියකට
ණය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා, කිලෝවොට් 222 ක ධාරිතාවයෙන් යුතු භූගත කේබල් පද්ධතියක් ඉදිකිරීම සදහා ජපානයේ ජයිකා ආයතනයෙන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය මේ වසර මුලදී ණය ආධාරයක් ඉල්ලා ඇති නමුත්, අදාල ව්‍යාපෘතිය සදහා මුදල් ලබා දීම මේ වන විට ජයිකා ආයතනය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ණය ආධාර ලබා දීමට පෙර, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනිමට තමන්ට අවශ්‍ය බව ජයිකා ආයතනය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයට අර්බුදයට ගිය අවස්ථා වේ දී, ලංකාව ජපානයෙන් ලබාගෙන තිබුණු ණය ආපසු අය කර ගැනීම යම්කිසි කාල සීමාවකට යටත්ව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය ජපානයෙන් ඉල්ලා තිබීම ද මෙහි දී සැලකිල්ලට ගෙන තිබේ.

කලින් ගත් ණය ආපසු ගෙවීමට අපහසු තත්ත්වයක් තිබියදී නැවත ණය ගැනීම අර්බුදයක් බවයි ඔවුන් පවසා ඇත්තේ.

ඉහත කී කරුණුවලට අමතරව, ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදන සැලසුම් පිළිබදව පැහැදිලි භාවයක් නොමැති වීම සහ ශ්‍රී ලංකා රජය, මිල අධික අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වීම ද ජපානයේ කණස්සල්ලට හේතු වී ඇති බව පැවසේ.

සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියකින් උපුටා ගත් කොටසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =