“ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය බරපතලයි. ඒ පිළිබදව ලෝකය දැනුවත් කිරීම සදහා බීබීසී සිංහල සේවය දිගටම ලංකාව තුළ පවත්වාගෙන යන්න.” බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්.

0
340
- Advertisement -

“ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය බරපතලයි.
ඒ පිළිබදව ලෝකය දැනුවත් කිරීම සදහා
බීබීසී සිංහල සේවය දිගටම ලංකාව තුළ පවත්වාගෙන යන්න.”
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්.

බීබීසී සිංහල සේවය, ඉන්දියාවට ගෙන යෑමේ යෝජනාවක් බීබීසී ආයතනය විසින් ගෙන ඇති අතර, එම තීරණය පිළිබදව යළි සලකා බලන ලෙස ඉල්ලමින්, විශේෂ යෝජනාවක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් ව තිබේ.

ශී‍්‍රලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම බරපතල අඩියකට ගමන් කරන බවත්, අපක්ෂපාතීව ඒ පිළිබදව වාර්තා කිරීම සදහා බීබීසී සිංහල සේවය පෙර පැවති සේම පවත්වාගෙන යෑම වැදගත් බවත්, යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වයන්ගේ අදහස වී තිබේ.

විශේෂයෙන්ම, මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කළ නීතීඥවරයෙකු චෝදනා ඉදිරිපත් නොකර දිගින් දිගටම අත් අඩංගුවේ රදවා තබා ගැනීම පිළිබදව ද ඔවුන් මෙහිදී අවදානය යොමු කර තිබේ.

අනෙක් අතට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත් වීමට ලංකා රජය ගෙන ඇති තීන්දුව ද මීට බලපා ඇති බව සදහන් ය.

copy @ the morning E paper