‘ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා ශ‍්‍රී ලංකා රජය ඩොලර් මිලියන 6.5 ක් ලබා දුන් ව්‍යාපාරිකයා සී.අයි.ඒ ඔත්තු කරුවකු බව හෙළි වේ.’

0
789
- Advertisement -

ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා ශ‍්‍රී ලංකා රජය ඩොලර් මිලියන 6.5 ක් ලබා දුන් ව්‍යාපාරිකයා සී.අයි.ඒ ඔත්තු කරුවකු බව හෙළි වේ.

ලංකාවේ ප‍්‍රතිරූපය ඇමරිකාව තුළ යළි ගොඩ නැගීම සදහා, ශ‍්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ගෙවා ඇති බවට වාර්තාවූ ව්‍යාපාරිකයා සී.අයි.ඒ ඔත්තුරුවකු බව වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබේ.

අදාල ව්‍යාපාරිකයා මේ වන විට වසර 12 ක සිරදඩුවමකට යටත්ව සිටියි. ඔහුට එරෙහිව බදු වංචාව-විදේශීය බලපෑමකට යටත් වීම සහ මූල්‍ය වංචා යන චෝදනා එල්ල වී තිබුණි.

අදාල චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකරු බව එම ව්‍යාපාරිකයා පිළිගෙන තිබේ.

ඉමාඩ් සුබේරි නම් එම ව්‍යාපාරිකයා දශයකයකටත් වඩා වැඩි කාලයක් සී.අයි.ඒ ජාලයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇති බව පැවසේ.

ශ‍්‍රී ලංකා රජය – ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩ නැගීම සදහා ඔහුට ලබා දී තිබුණු ඇමරිකානු 6.5 ක මුදලෙන් 87%ක් ඔහු තමන්ගේත් ඔහුගේ බිරිදගේත් අවශ්‍යතාවෙනුවෙන් වැය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 1 =