ලංකාවේ ඉන්දීය ව්‍යාපෘති සදහා චීනය බලපෑම් කරන බවට ඉන්දියාව චෝදනා කරයි. නැගෙනහිර පර්යන්ත ගනුදෙනුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන විරෝධතාවයත් චීන බුද්ධි මෙහෙයුමක් ලූ.

0
277
- Advertisement -

ලංකාවේ ඉන්දීය ව්‍යාපෘති සදහා චීනය බලපෑම් කරන බවට ඉන්දියාව චෝදනා කරයි.
නැගෙනහිර පර්යන්ත ගනුදෙනුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන
විරෝධතාවයත් චීන බුද්ධි මෙහෙයුමක් ලූ.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් ව තිබුණු යෝජනාව බව සදහන් වන, ජපානය සහ ඉන්දියාව සමග වරාය අධිකාරිය පිහිටුවන නව සමාගමක් පිළිබදව කතාන්දරය, චීනය විසින් ගොතන ලද්දක් බවත්, චීනය එම කතාව ගොතා ඇත්තේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියට එරෙහි ජනතා විරෝධය කුළු ගැන්වීම සදහා බවත් ඉන්දීය රජය විශ්වාස කරන බව පැවසේ.

ඉන්දීය විදේශකටයුතු අමාත්‍යවරයාගේ ලංකා සංචාරයේ මූලික අරමුණ වී ඇත්තේ, වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව හැකි ඉක්මනින් නිරාකරණය කැර ගැනීම බවත්, ඉතා කෙටි දැනුම්දීමකින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ඒ සදහා බවත් වාර්තා වේ.

මෙම සංචාරයේ දී, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබදවද සාකච්ඡුා කර ඇති අතර, වෙනත් කිසිවෙකු හට තෙල් ටැංකි ලබා නොදෙන ලෙස ලංකා රජයට දැනුම් දී ඇති බවද පැවසේ.

ලංකාව තුළ දියත්කිරීමට නියමිත ඉන්දීය ව්‍යාපෘති මන්දගාමී වීම පිළිබදව ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ද වාර්තා වේ.