ලංකාවෙම දොස්තරලා අද වැඩ නෑ.

0
664
- Advertisement -

රජයේ වෛද්‍යවරුන් අද (22) පෙරවරු 8.00 සිට පැය විසිහතරක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 8ක් මුල් කරගෙන ආරම්භ කරන මෙම වැඩ වර්ජනය මහරගම අපේක්ෂා රෝහල, සියලුම හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ රෝහල්, ළමා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, වකුගඩු ඒකක සහ පිළිකා ඒකක තුළ ක්‍රියාත්මක නොවන බවද එම සංගමය පැවැසීය.

මෙම වැඩ වර්ජනය සඳහා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එක්වන බවත්, ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වන බවත් එම සංගමයේ සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

උතුරු නැඟෙනහිර ස්ථාන මාරු ලැයිස්තුව හා නව පත්වීම් ලැයිස්තු සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම, සුදුසුකම් සහිත වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම හිතාමතාම ප්‍රමාද කිරීම, උසස් පෙළට ජීව විද්‍යාවවත් හදාරා නැති පිරිසකට වෛද්‍ය පත්වීම් ලබාදීමට උත්සාහ කිරීම, බාල ඖෂධ ගෙන්වීම හා රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය ඇතුළු කරුණු 8ක් මුල්කරගෙන මෙම වැඩ වර්ජනය සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − one =