ලංකාවට එන්න හිතන් ඉන්නවානම්, ගුවන්යානයට ගොඩ වීම පැය 72 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර ගත යුතුයි.

0
528
- Advertisement -

මින් ඉදිරියට, ජූනි මාසයේ පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්, විදෙස් රටවල රැදී සිටින ශ්‍රීලාංකිකයන්, නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ ගුවන් යානාවට ගොඩ වීමට පැය 72 කට පෙර, පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර පැමිණීම අත්‍යවශ්‍ය බව රජය දැනුම් දී තිබේ.

වෛරසය ආසාදනය වී ඇත්නම්, සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශයන්ට අනුව ගුවන් ගමන් සදහා අවසර නොලැබේ.

මැදපෙරදිග සිට පැමිණි පිරිස් සමග, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම, රජය මෙවැනි තීරණයක් ගැනිමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 3 =