ලංකාවටත් චීන මාදිලියේ සමාජ මාධ්‍ය වාරණයක් ?

0
585
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයට පසුව රට තුළ උද්ගත වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මේ මාසය තුළ දී රජය තුන් වතාවක් සමාජ මාධ්‍ය වාරණය කළේ ය. ඒ අතරේ චීන ජනාධිපතිගේ ආරාධනයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරය කළේ ය. මෙම සංචාරයේ දී සමාජ මාධ්‍ය ජාලා ආවේක්ෂණය කිරීම වෙනුවෙන් තාක්ෂණික සහාය ලංකාවට ලබා දීමට චීන ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බව වාර්තා වේ. අන්තර්ජාල ආවේක්ෂණය සහ අනෙකුත් හමුදාමය කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන පහක ආධාර මුදලක් ලංකාවට ලබා දීමට ද චීනය එකඟ වී තිබේ. අන්තර්ජාල ආවේක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වැඩ කිරීමට, චීන තාක්ෂණික ශිල්පීන්ගෙන් යුතු කණ්ඩායමක් නුදුරු දිනකදී ම ලංකාවට පැමිණීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =