රෝහල් තුළ ඉඩ ඇත්තේ
තවත් ආසාදිතයන් 251 දෙනෙකුට පමණයි.
මිනුවන්ගොඩ කොරෝනා පොකුර මතු වීමෙන් පසුව ඇති ව තිබෙන හදිසි තත්ත්වය යටතේ, රට පුරා කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් තුළ ඉඩ පහසුකම ඇත්තේ, තවත් අළුත් ආසාදිතයන් 251 දෙනෙකුට පමණක් බව වාර්තා වේ.
දැනට කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට වෙන් කර ඇති සියළුම රෝහල්වල සම්පූර්ණ ධාරිතාව ඇදන් 1691 කි. ඊයේ දිනය වන විට, රෝගීන් 1,440 ක් එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියි. ඒ අනුව, අළුතින් ඇතුළත් කර ගැනීමට ඉඩ පහසුකම ඇත්තේ, තවත් රෝගීන් 251 දෙනෙකු සදහා පමණි.
මේ තත්ත්වය යටතේ, කොරෝනා ආසාදිතයන් සදහා ප්‍රතිකාර කිරීම සදහා යොදාගත හැකි තවත් රෝහල් 147 ක්, සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන ඇති අතර, එම රෝහල් තුළ රෝගීන් තුන් දහසකට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති බව ද වාර්තා වේ.