“රෝහල්ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 1826 යි.
කිසිවෙකු දැඩිසත්කාර ඒකකවල නෑ.”
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර.
මේ වන විට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 1826 ක් බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
මෙම පිරිස, කොරෝනා සදහා ප්‍රතිකාර කිරීමට වෙන් කර තිබෙන රෝහල් 13 ක දී ප්‍රතිකාර ලබමින් සිටිති.
කෙසේ නමුත්, එසේ ප්‍රතිකාර ලබන කිසිදු රෝගියෙකු දැඩිසත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලැබීමට තරම් බරපතල තත්ත්වයෙන් පසුවන රෝගීන් නොවන බවද වෛද්‍යවරයා පවසයි.