රෝගී දරුවා බලන්න පාසලට ඇතුළු වූ පියාට වෙඩි තබයි.

0
646
- Advertisement -

ඊයේ දිනයේ දී, අක්මීමන මානවිල උපනන්ද විද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සොල්දාදුවාගේ වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ, එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. අදාල පුද්ගලයා හදිසියේම පාසලට පැමිණ ඇත්තේ, ඔහුගේ එක් දරුවෙකු අසනීප තත්ත්වයෙන් පසු වන බවට විදුහලෙන් ලබා දුන් දුරකථනය ඇමතුමක් හේතුවෙනි. ඔහු, විදුහල තුළට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ හමුදා සෙබළා සමඟ ඇති වූ බහින්බස් වීමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව පැවසේ. වෙඩි තැබීම සිදුකළ හමුදා සොල්දාදුවා මේ වන විට අත් අඩංගුවේ පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =