රෝගීන් අසරණයි. රෝහල්වල බෙහෙත් නෑ.

0
768
- Advertisement -

දිවයින පුරා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිගය නිසා හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන්, ශ්වසන රෝගීන් ඇතුළු විවිධ රෝගාබාධ වැළදුණ රෝගීන් මහත් අපහසුතාවට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

කොළඹ ජාතික රෝහල, අපේක්ෂා රෝහල ඇතුළුව දිවයින පුරා රෝහල්වල සති දෙකකට ආසන්න කාලයක් මෙම ඖෂධ හිගය පැවතීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත් වී සිටින බවද දැනගන්නට තිබේ.

ඇස්ප‍්‍රීන්, දියවැඩියා රෝගීන්ට ලබා දෙන මෙට්ෆෝමින්, රුධිර පීඩනය සදහා ලබා දෙන ලොසාර්ටන් පොටෑසියම්, හා ඉන්සියුලින් වර්ග විශාල සංඛ්‍යාවකද හිගයක් පවතින බැවින් මෙම රෝග සදහා සායනවලට පැමිණෙන රෝගීහු දැඩි අර්බුදයකට ලක්ව සිටිති.

එමෙන්ම, මේ වන විට, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සදහා අවශ්‍යවන ඖෂධ වර්ග 09 ක් පමන හිග බව වාර්තා වේ.

සති අන්ත රාවය පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 7 =