රෝගාතුරව සිටි ඇතින්නකට කල විනාශය

0
713
- Advertisement -

හම්බන්තොට හැඩිල්ල ,දහයේ ගොඩ ප්‍රදේශයේදී ඊයේ (16) අලුයම රෝගාතුරව සිටි වයස අවුරුදු 50 ක පමණ ඇතින්නකට කිසියම් අයෙකු වෙඩි තබා ඝතනය කර තිබෙනවා.

අදාළ ඇතින්න හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ වැවක් ආසන්නයේ රෝගාතුරව වැටි සිටියදී පසුගිය 15 වනදා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ප්‍රතිකාරද ලබා දී තිබෙනවා.

කෙසේ නමුත් මේ අතර ඊයේ පෙරවරුවේ ඇතින්නක වෙඩිතබා වැටි සිටින බවට හම්බන්තොට වනජීවිකර්යාලයට ලැබුණු තොරතුරකට අනුව සොයා බලන විට 15 වනදා හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේදී ප්‍රතිකාර ලබාදුන් ඇතින්න බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ නමුත් ඇතින්නගේ මරණය සම්න්බන්ධයෙන් පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා විසින් පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර එහිදී අලියාගේ හිස ප්‍රදේශයේ තිබී උණ්ඩයක් ද හමුවී තිබෙනවා.

වන අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රද්ශයේ සැකකටයුතු අයෙකු සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති ඇති අතර එම පුද්ගලයා මේ වනවිට නිවසින් පලාගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.

වෙඩි තැබීමෙන් මියගිය ඇතින්න වෙනුවෙන් පාන්ශුකුලයද පැවැත්වීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබුණා.

එමෙන්ම මේ වනවිට අලි මිනිස් ගැටුම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල පමණක් 2019 වසරේ ජනවාරි සිට මේ දක්වා (ජුලි 16 දක්වා ) වන අලින් 06 දෙනෙකු මෙන්ම මිනිසුන් 05 දෙනෙකු මියගොස් ඇතිබවයි වනජීවී නිලධාරීන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + twelve =