රොෂාන් රණසිංහගේ නිවස වටලයි.

0
2461
- Advertisement -

රොෂාන් රණසිංහගේ නිවස වටලයි.

පොලොන්නරු දිස්ත්‍රික් අපේක්ෂක රොෂාන් රණසිංහ මහතගේ නිවසේ ජූනි 24 වන දින රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වෙමින් පැවති රැස්වීමක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් පිරිසක් වටලා ඇත.

සියළු නිළධාරීන් මෙම රැස්වීමට පැමිණ ඇත්තේ බස් රථයකින් හා මහවැලි අධිකාරියේ වාහන දෙකකින් බවත්, මෙම ප්‍රචාරක කටයුතුවලට සභභාගී වූ නිළධාරීන් අතර, මහවැලි සී කලාපයේ සේවය කරන නිළධාරීන් පිරිසක් සිටි බවත් එහිදී හදුනාගෙන ඇත.

වැටලීම කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් මතය. ඊට අමරතව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා ගැනීමට එරෙහිව පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට ලැබී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ පදනම වෙත පවරා දී ඇති බව පවසන ගිනිගත්හේන පාරේ නාවලපිටිය පැරණි අධිකරණය අසල ඇති ඉඩම තුළ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ පහත මහලේ ලියාපදිංචි නොකළ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා කිහිපයක් එම පැමිණිල්ලෙහි සදහන් ය.

රේඛා නිලුක්ෂි හේරත්.
අනිද්දා පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =