කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ 8 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ වැව් මාළු වෙළෙන්දෙකු කැබිතිගොල්ලෑව පොලිසිය විසින් ඊයේ (8) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, වින්දිත දරුවා සිය මිත්තණිය සමග කැබිතිගොල්ලෑව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය.
සැකකරු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ, වින්දිත දරුවාගේ නිවස ආසන්නයේ ම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
දරුවාගේ මව වසර දෙකක පමණ සිට මැද පෙරදිග ගෘහ සේවයේ නිරත වීම හේතුවෙන් දරුවා මිත්තණියගේ සහ පියාගේ රැකවරණය යටතේ ජීවත්වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉකුත් අප්‍රේල් මාසයේ දිනක වින්දිත දරුවා සැකකරුගෙන් කිසියම් අවශ්‍යතාවක් සඳහා රුපියල් විස්සක මුදලක් ඉල්ලා ගෙන ඇති අතර, එතැන් සිට එම දරුවා සමග හිතවත්කමක් ඇති කර ගත් සැකකරු, නැවත මුදල් අවශ්‍යතාවක් ඇති වුවහොත් එය ලබා ගැනීම සඳහා තම නිවසට පැමිණෙන ලෙසට දන්වා තිබේ.
පසුව, දරුවා සැකකරුගේ නිවසට යන සෑම අවස්ථාවකදී ම කිසිවෙකුට නොපවසන ලෙස දන්වා, රුපියල් විස්සක මුදලක් බැගින් ලබා දී මෙලෙස දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.
වින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති අතර සැකකරු අද (9) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මව්බ්ම වෙබ් පිටුව ඇසුරෙන්.