රුසියාව සමග සාකච්ඡුා අරඹයි. පළමු අදියරේදී එන්නත් මාත‍්‍රා ලක්ෂ 70 ක් ඇණවුම් කරයි.

0
145
- Advertisement -

රුසියාව සමග සාකච්ඡුා අරඹයි.
පළමු අදියරේදී එන්නත් මාත‍්‍රා ලක්ෂ 70 ක් ඇණවුම් කරයි.

කොරෝනා වෛරසය සදහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් ෆයිව් එන්නත මෙරටට ගෙන්වීම සදහා ශ‍්‍රී ලංකා රුසියාව සමග සාකච්ඡුා අරඹා ඇති බව වාර්තා වේ.

රජය, ස්පුට්නික් ෆයිව් එන්නතින් මාත‍්‍රා මිලියන හතක් ලබා ගැනීමට අදහස් කරයි.
දැනට මෙරට භාවිතා කරන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රසෙනෙකා එන්නත මෙන්ම – ස්පුට්නික් ෆයිව් එන්නතද මාත‍්‍රා දෙක බැගින් ලබා දිය යුතුව තිබේ.

ස්පුට්නික් ෆයිව් එන්නත එක් මාත‍්‍රාවක් ඇමරිකානු ඩොලර් 10 ක් පමණ වන බව පැවසේ.
මිල ගණන් පිළිබදව, අදාල නිෂ්පාදන සමාගම සමග සාකච්ඡුා කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙන බව වාර්තා වේ.

රුසියාවේ නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් ෆයිව් එන්නත වෛරසය මර්දනයේ දී 92% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =