රුසියානුවන්ගේ කොරෝනා එන්නත සියයට සියයක්ම සාර්ථකයි. බ්රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් කියයි.

0
288
- Advertisement -
Share

රුසියානුවන්ගේ කොරෝනා එන්නත
සියයට සියයක්ම සාර්ථකයි.
බ්රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් කියයි.


කොරෝනා වෛරසයට එරෙහිව රුසියානුවන් විසින් නිශ්පාදනය කරන ලද ස්පුට්නික් 5 නමැති එන්නත සියයට සියයක්ම සාර්ථක බව, බි්‍රතාන්‍යයේ වෛද්‍ය සගරාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ලැන්සට් වෛද්‍ය සගරාව, ලොව පැරණිතම සහ විශිෂ්ඨතම වෛද්‍ය සගරාවක් බව ප්‍රකාශිත ය.

කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරවන ස්පුට්නික් 5 එන්නත, අදාල වෛරසයට නිර්මාණය කරන ලද ලොව පළමු ලියාපදිංචි එන්නත ද වෙයි.

මෙම එන්නත, ස්පුට්නික් යනුවෙන් නම් කර ඇත්තේ, රුසියානුවන් විසින් 1957 වසරේ දී අභ්‍යාවකාශගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් වන් චන්ද්‍රිකාව සිහිගන්වමිනි.
මෙම එන්නත, ලංකාවේ කොරෝනා ආසාදිතයන් වෙත ලබා දීමට ඇති කැමැත්ත, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 9 =