රුපියල් ලක්ෂ 640 ක අල්ලසක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම. ඇමති ප්‍රසන්නට සහ බිරිදට එරෙහි නඩුව ජූනි 02 වනදා.

0
387
- Advertisement -

රුපියල් ලක්ෂ 640 ක අල්ලසක් ඉල්ලා
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම.
ඇමති ප්‍රසන්නට සහ බිරිදට එරෙහි නඩුව ජූනි 02 වනදා.

2015 වසරේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග, බිරිඳගේ ඥාති සොයුරකු වන නරේෂ් ෆාරික් නමැති ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නඩුවක් ගොනුකර තිබිණි. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද එම නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 02 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඊයේ (18දා) නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. එහිදී විනිසුරුවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිය වෙනුවෙන් තමන් එක් සාක්ෂිකරුවකු කැඳවීමට අපේක්ෂා කරන බවයි. ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිට සිය විත්ති වාචක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම නඩුව දෙසැම්බර් මස 11 වැනිදා විභාගයට කැඳවීමට නියමිතව තිබුණත් කොළඹ මහාධිකරණ කලාපයේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් නඩු විභාගය කල් දැමීමට සිදු වූ බව විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම්කර සිටින නරේෂ ෆාරික් නමැත්තා මේ වනවිට අධිකරණය මගහැර විදේශයකට පලාගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද අධිකරණය තීරණය කර තිබේ.

aruna E paper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − fourteen =