රුපියල් ලක්ෂයක දඩයක් සිවු දෙනෙකුට

0
449
- Advertisement -
Share

රියැදුරන් කරන වැරැදි සඳහා වූ සංශෝධිත දඩ මුදල අය කරගැනීම ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (02දා) සිට ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව බීමත්ව රිය පැදවූ රියැදුරන් තිදෙනකුට සහ රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ රියැදුරකුට එක් අයකුට රුපියල් 25,000 බැගින් සිවු දෙනාට රුපියල් ලක්ෂයක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළා.

බීමත්ව රිය පැදවීමේ චෝදනාවට වරද පිළිගත් අඹහේනවත්ත ගලහිටියාව සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචි සම්පත් වික්‍රමරත්න, සුසන්ත අත්තනායක, බුද්ධික රාජපක්ෂ යන තිදෙනාටත් රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ යතුරුපැදිකරු වූ හොරගොල්ලේ පදිංචි එම්.ආර්. මලිත් සිල්වා යන සිවුදෙනාට මෙසේ දඩ නියම කෙරිණි. ගණේමුල්ල පොලිසිය දඩ නියම වූවන්ට නඩු පවරා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 1 =