රිෂාද් ට එරෙහි විල්පත්තු නඩුවේ වැඩිදුර විභාගය 19 වෙනිදා.

0
428
- Advertisement -

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධි ආරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් සිදු කරන බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය, රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව, පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය, මේ මස 19 වන දා සිදු කිරීමට නියමිත ය.

මීට පෙර, මෙම නඩුව විභාග කර අවසන් කර තිබුණු අතර, තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී, එම නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමට විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකමැති බව අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා වෙත දැනුම් දී තිබුණි. ඉන් පසුව, නඩුව යළි මුල සිට වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණයේ සභාපතිවරයා විසින් තීරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − ten =