“රිෂාඞ් කොහෙවත් නෑ.” පොලිසිය කියයි.

0
768
- Advertisement -

රිෂාඞ් කොහෙවත් නෑ.”
පොලිසිය කියයි.


අත් අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.

ඊයේ දිනයේ දී, හිටපු අමාත්‍යවරයාගේ ගණකාධිකාරීවරයා අත් අඩංගුවට ගෙන තිබුණි. එම ගණකාධිකාරීවරයා, රිෂාද් බදියුදීන් සමග අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකි.

මේ අතර, රටින් පිටවීම තහනම් කරමින් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – රිෂාද් බදියුදීන්ට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රිෂාද් බදියුදීන් සොයා ගැනීමට විශේෂ කණ්ඩායම් හයක් යොදවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 5 =