රියැදුරාගේ බිරිද, දියණිය සහ මව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියට දොස්.

0
894
- Advertisement -

2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රී පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ දි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක රථයේ මහමාර්ගයේ ධාවනයට තහනම් එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර් බයිසිකලයක් ගැටීම හේතුවෙන් තුවාල ලැබු සන්දීප් නම් තරුණයාගේ සිද්ධියට අදාලව චම්පික රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු කණ්ඩායමක් විසින් ඊයේ නිවසට පැමිණ බලහත්කාරයෙන් අත්තඩංගුවට ගෙන රැගෙන යාම සම්බන්ධයෙන් අද අධිකරණය හමුවේ නීතිඥවරුන් කරුණු දක්වා තිබේ.

රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් බලහත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණයට කරුණු දක්වා ඇති අතර එහිදි අධිකරණය විසින් පොලිසියෙන් විමසා ඇත්තේ අදාළ රියැදුරාගේ පවුලේ පිරිස අත්තඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝගයක් මත ද යනුවෙනි.

එහිදි පොලිසිය පවසා ඇත්තේ එම අත්තඩංගුව ගෙන රදවා ගැනීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නොලැබුණු බවත් කොළඹ ට කැඳවා ගෙන ඒමට එලෙස අත්තඩංගුවට ගත් බවත් ය.

මේ සම්බන්ධයෙන් අධිකරණය පොලිසියට දැඩි ලෙස දෝෂාරෝපණය කොට ඇති අතර මෙවන් ප්‍රශ්න කිරීමක් සඳහා පුද්ගලයන් අත්තඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට පෙර අධිකරණ අවසරය ගත යුතු බවට නීතියේ සඳහන් ව පවතින ව නොදන්නේ දැයි ප්‍රශ්න කොට ඇත.

එබැවින් එම රියැදුරුගේ පවුලේ සමීප ඥාතීන් වහාම නිදහස් කරන ලෙස ද අධිකරණය මෙහිදි පොලීසියට පවසා තිබෙනවා.

එසේම මෙම රථ වාහන අනතුර පිළිබඳව කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් අධිකරණයට පොලිසිය විසින් දක්වා නොමැති බව ද අධිකරණය මෙහිදි සඳහන් කොට ඇති අතර හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට හා ඔහුගේ රියැදුරු වෙත විදේශ ගමන් තහනමක් පනවනු ලැබූවේ පොලිසියේ ඉල්ලීම මත පමණක් බවද සඳහන් කොට ඇත.

යම් හෙයකින් හිටපු අමාත්‍යවරයාට හා ඔහුගේ රියැදුරු වෙත විදේශ ගත වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සඳහා අධිකරණයේ අවසරය මත එය සිදු කළ හැකි බවද අධිකරණය මෙහිදි පවසා තිබේ.

මේ අතර නීතිවිරෝධිව අත්තඩංගුවට ගෙන බලහත්කාරයෙන් පැය 12 කට අධික ප්‍රමාණයක් රඳවා ගැනීම ට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලි චම්පික ගේ රියැදුගේ පවුලේ ඥාතීන් විසින් මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමටද කටයුතු කර තිබේ.

lanka news alert.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − one =