රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය පරීක්ෂණය අසමත් වී පගාව දුන්නොත් වැඩ වරදී

0
687
- Advertisement -

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් හා තැරුව්කරුවන් අතර සිදුවන නීති විරෝධී ක්‍රියා නීතියේ රැහැනට අසුකර ගැනීමට බුද්ධි අංශ සහාය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටින රියැදුරු බලපත්‍ර අපේක්ෂා කරන්නන්ගෙන් ඇතැම් අය එම පරීක්ෂණවලින් අසමත් වෙනවා. එවැනි අයගෙන් රුපියල් 2000-4000 අතර මුදල් ලබාගෙන වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙවැනි අක්‍රමිකතා නීතියේ රැහැනට හසුකර ගන්නට බුද්ධි අංශ නිලධාරීන් මෙම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සේවයේ යෙදවීමට රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය අමුණුම මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + eight =