රැකියා ලක්ෂයකට ඇප්ලිකේෂන් පිරවීම ඡන්ද ගුණ්ඩුවක්..!

0
1222
- Advertisement -
Share

2016 ට පසුව රාජ්‍ය සේවයට බැදුණු අයගේ විශ්‍රාම වැටුප් පිළිබදව අදහසක් රජයට තවමත් නැති බවත්, මේ තත්ත්වය යටතේ ආණ්ඩුව විසින් රජයෙ රැකියා ලක්ෂයක් ලබා දීමට සූදානම් වනවා යැයි කීම ඡන්ද පොරොන්දුවක් බවත්. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

රැකියා අවස්ථා නිර්මාණය වන කම්හල් හෝ කන්තෝරු කිසිවක් ඉදි නොවී, රැකියා අවස්ථා පමණක් නිර්මාණය වන්නේ කෙසේදැයි ඔහු අසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාවලවලට ගොස් බැලූ විට දැනටමත් උපාධි දාරීන් හතරක් පමණ මේසයක් වටා සිටින බවත් – ආණ්ඩුව මේ උත්සාහ කරමින් සිටින්නේ තරුණයනගේ අසහනය බලාපොරොත්තු බවට පත් කර, ඇප්ලිකේෂන් පුරවා, පෙට්ටියට ඡන්දය දමා ගැනීමේ වැඩ පිලිවෙලක් බවත් වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.

අද ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් ඔහු මේ අදහස දැක්වීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 9 =