රැකියාවට පිටින් සතයක් උපයලා නෑ. අදටත් ඉන්නේ නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා ගත්ත කුලී නිවසක. නිවසේ ප්‍රමාණය වර්ග අඩි 550 යි. වැටුප ගෙවීමත් නවත්තලා.

0
704
- Advertisement -

රැකියාවට පිටින් සතයක් උපයලා නෑ.
අදටත් ඉන්නේ නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා ගත්ත කුලී නිවසක.
නිවසේ ප්‍රමාණය වර්ග අඩි 550 යි.
වැටුප ගෙවීමත් නවත්තලා.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ, පසුගිය විසි හය වනදා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා සාක්ෂි ලබා දුන්නේ ය.

පාස්කු ප්‍රහාරය පිළිබදව නීතීඥයන් විසින් අසන ලද ප්‍රශ්න සදහා උත්තර ලබා දීමෙන් පසුව, ශානි අබේසේකර මහතා, ඔහු මේ වන විට මුහුණ පා සිටින තත්ත්වය පිළිබදවද හෙළි දරව් කර තිබුණි.

එම කරුණු, අද වෙළදපොලට නිකුත් කර ඇති අරුණ පුවත්පතේ පහත දැක්වෙන පරිදි වාර්තා කර තිබුණු අතර, අප එම පුවත්පත උපුටා දක්වමින් එම විස්තරය මෙසේ සටහන් කරමු.

තම ජීවිතයේ කිසිදු කළු පැල්ලමක් නොමැති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙරේදා රාත්‍රියේ (26දා) සාක්ෂි ලබා දෙමින් හඬා වැටුණි.

එසේම ඔහු මෙලෙස සංවේදී වෙමින් ප්‍රකාශ කළේ තමාට හිමි වැටුපෙන් හරි අඩක් ගෙවන ලෙස පොලිස් කොමිසම නිර්දේශ කර තිබියදීත් එය මෙතෙක් තමාට ගෙවා නැති බවය.

මොහුගේ සාක්ෂි විමසීමත් සමග පෙරේදා (26දා) කොමිසම සාක්ෂි විමසීමේ කටයුතුද අවසන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින්,

පොලිස් කොමිසමෙන් නිර්දේශ කළා මට වැටුපෙන් හරි අඩක් ගෙවන්න කියලා. ඒකවත් තවම හම්බුණේ නැහැ. මම රැකියාවට පිටින් සතයක්වත් අරන් නැහැ ස්වාමිනි. අදටත් ඉන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ කුලී නිවසක. කාමර දෙකයි, මුළුතැන්ගෙයි සාලෙයි. වර්ග අඩි 550 ක පුංචි නිවසක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ට දැන් පාරේ බැහැලා යන්නවත් බැහැ’’ යැයි හඬමින් ප්‍රකාශ කළේය.

•වරුණි පෙරමුණ