රාජිතගේ බොරුව..!

0
571
- Advertisement -

ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය ඇත්තේ කියුබාවේ සහ ශ‍්‍රී ලංකාවේ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීප අවස්ථාවකදීම පවසා තිබේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බවද අමාත්‍ය වරයා සඳහන් කරයි. එසේ වුවත්, අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය සත්‍යයෙන් තොර බව ”ෆැක්ට් චෙක්” පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක් එක් රටවල් එම රටවල ජනතාවට ලබා දෙන සෞඛ්‍ය සේවයේ තත්ත්වය මත ලකුණු ලබා දීමක් සිදු කර තිබේ. 2017 වසරේ වාර්තාවන්ට අනුව, හොඳම ලකුණු සංඛ්‍යාව වන 80% ට වඩා වැඩියෙන් ලකුණු ලබාගත් රටවල් 22 ක් තිබේ. මෙම රටවල් 22 අතර ශ‍්‍රී ලංකාව හෝ කියුබාව හෝ නැත. එසේ නමුත්, කියුබාව ලකුණු 78 ක් ලබා තිබේ. ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 62 ක් පමණි. මේ අනුව පෙනී යන්නේ ලංකාවේ සහ කියුබාවේ සෞඛ්‍ය සේවයේ තත්ත්වය එක සමාන නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 18 =