රාජිතගේ නිවසේ පැවති සාකච්ඡව අවසන්…!

0
1089
- Advertisement -
Share

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබුණු එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පක්ෂ නායකයන්ගේ හමුව, අවසන් තීරණයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ.

අද උදෑසන 09.00 ට පමණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී මෙම හමුව සිදු වී තිබුණි.

සාකච්ඡුා සඳහා සහභාගී වූ මංගල සමරවීර අමාත්‍යවරයා, ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර තිබුණු අතර, රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊට විරුද්ධ වී තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා කියා තිබුණේ, අද දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡුාවට පසුව, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුණ නව පෙරමුණ බිහිකරන දිනයත්, ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න පිළිබදවත් තොරතුරු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළ හැකි බවයි.

කෙසේ වෙතත්, අද දහවන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ පැවැති සාකච්ඡුාවට පසුව, ඊට සහභාගී වූ අමාත්‍යවරු මාධ්‍යයට කිසිදු අදහසක් ප‍්‍රකාශ නොකර පිටව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − eighteen =