රාජ්‍ය බුධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන තේරීම් කාරක සභාවට.

0
521
- Advertisement -
Share

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී, නිලන්ත ජයවර්ධන මහතා, පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැදවන බව කමිටු සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසා තිබේ. ඒ අනුව, එළැඹෙන 24 වන දා උදෑසන 10.30 ට රැුස්වීමට නියමිත කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නිලන්ත ජයවර්ධන මහතා පැමිණෙනු ඇත. මීට පෙර සාක්ෂි ලබා දීමට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන කමිටුව ඉදිරියේ පැවසූවේ, නිලන්ත ජයවර්ධන මහතා සියළු බුද්ධි තොරතුරු තමන්ට පවසන බව ජනාධිපතිවරයා ඔහුට පැවසූ බවයි. ඒ අනුව, පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරද නිලන්ත ජයවර්ධන හරහා කල්තියා ජනාධිපතිවරයාට ලැබෙන්නට ඇති බව ඔහු අනුමාන කරන බවද හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසූවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 5 =