රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී; නිලන්ත ජයවර්ධන නැගෙනහිරට මාරු කරයි..!

0
766
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සිදු වූ සමයේ, රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානීව සිටි නිලන්ත ජයවර්ධන මහතා, නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ දිනයේ වැඩ භාරගෙන තිබේ.

අපේ‍්‍රල් 21 වන දා සිදු වූ පාස්කු ප‍්‍රහාරය පිළිබදව බුද්ධි අංශ විසින්, රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන මහතා දැනුවත් කර තිබූ නමුත්, නිලන්ත ජයවර්ධන මහතා එම තොරතුරු නිසි පරිදි ජනාධිපතිවරයාට දැනුම් දී නැති බවට එකල චෝදනා එල්ල වී තිබුණි.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා අතර ඉතා සමීප සම්බන්ධයක් තිබුණු බව ද පැවසේ.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ අපේ‍්‍රල් 21 වන දාට පෙර, එනම් අපේ‍්‍රල් මාසයේ 09 වනදා රැුස් වූ ආරක්ෂක කවුන්සිලයේ දී, සහරාන් පිළිබදව සාකච්ඡුා කරන ලෙස, තමන් රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධනට දැනුම් දුන් බව එවකට ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත්, හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප‍්‍රධානී, නිලන්ත ජයවර්ධන මහතා, එම මොහොතේ අදාල මාතෘකාව සාකච්ඡුා කිරීම මග හැර තිබුණු බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =