රාජ්‍ය බුද්ධි සේවයෙන් නිලන්ත ජයවර්ධන ඉවත් කරයි…? බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ පත් කරයි.

0
913
- Advertisement -

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි කැද වූ අවස්ථාවේ, එවකට විරුද්ධ පක්ෂයේ සිටි බොහෝ දෙනා ඊට විරුද්ධ විය. ඒ, බුද්ධි අංශ ප‍්‍රධානියා වන නිලන්ත ජයවර්ධන මහතා මාධ්‍යයට නිරාවරණය වීම ඔහුගේ ජීවිතයට සහ සමස්ත බුද්ධි අංශ කි‍්‍රයාන්විතයටම අවදානමක් බව පවසමිනි.

කෙසේ වෙතත්, පාස්කු ප‍්‍රහාරය පිළිබද තොරතුරු නිලන්ත ජයවර්ධන මහතා කල්තියා දැන සිටි බවත්, ඔහු එම තොරතුරු ජනාධිපතිවරයාට කල් තියා ලබා දී ඇති බවටත් ඒ දිනවල වාර්තා විය.

නිලන්ත ජයවර්ධන වහතාගෙන් පුරප්පාඩු වූ රාජ්‍ය බුද්ධ සේවා අධ්‍යක්ෂ ධුරය සදහා යුද හමුදාවේ බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ පත් කර ඇති බවයි පැවසෙන්නේ.

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල අතර බුද්ධි මෙහෙයුම් රැසක් මෙහෙයවන ලස බුද්ධි නිලධාරියෙක් ලෙස ප්‍රකට අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =