රාජ්‍ය බුද්ධි ප්‍රධානී වරද පිළිගනී

0
830
- Advertisement -

තමන්ට ලැබී තිබූ තොරතුරු අප්‍රේල් 9 රැස් වූ හමුදා, පොලිස්, බුද්ධි අංශ සමාලෝචන රැස්වීමේදී නිසි පරිදි ඉදිරිපත් කිරීමට හා නිසි අවධානය යොමු කරවීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාවේදී එක්තරා ආකාරයකින් පිළිගත් බව දැනගන්නට තිබේ.

බදාදා (24) මෙම කාරක සභාව රැස් වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ‍රවි සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතොඉ වරුණ විජේසුන්දර, මුලවාදී හා අන්ත්වාදී ඒකකයේ ස්ථානාධිපති තරංග පතිරණ ආදීන් මාධ්‍ය සිටියදී සහ මාධ්‍ය ඉවත් කර සාක්ෂි දුන් අතර එම කටයුතු අවසන් වූ පසු පාර්ලිමේන්තුවෙන් පිටත් ඒ අසල පැරණි ගොවිජන සේවා ගොඩනැගිල්ලේ කාරක සභාව රැස්වී නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීම රාත්‍රී 8:45ට පමණ ආරම්භ වී සාක්ෂි විමසීම අවසන් වන විට මධ්‍යම රාත්‍රී 12:45 පමණ වී ඇත.

  • උපුටා ගැනීම රාවය පුවත්පත –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =