රාජ්‍ය ආයතනවල අල්ලස් ගන්නා නිළධාරීන් ඇල්ලීමට බුද්ධි අංශ යොදවයි..!

0
407
- Advertisement -


තමන්ගේ පාලන කාලය තුළ, රාජ්‍ය සේවයේ දුෂණ අක‍්‍රමිකතා ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ප‍්‍රකාශ කර සිටියේ ය.

එහි පළමු පියවර ලෙස, රාජ්‍ය ආයතනවලින් සේවය ලබා ගැනීමට පැමිණෙන පොදු මහ ජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා නිළධාරීන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් මේ වනවිටත් දියත් කර තිබේ. පසුගියදා, වේරහැර දී, තැරැුව්කරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවේ ද මෙම මෙහෙයුමේ ම කොටසක් ලෙසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත භාර, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම මෙහෙයුම දියත් කර ඇති බව පැවසේ. මෙම මෙහෙයුමට බුද්ධි අංශවල සහාය ලබා ගනිමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 7 =