රාජසභා මණ්ඩපය ඩෝසර් කර අදට මාස තුනයි. වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද..?

0
321
- Advertisement -

රාජසභා මණ්ඩපය ඩෝසර් කර අදට මාස තුනයි.
වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද..?

13 වන සියවසයට අයත් බව පැවසෙන, දෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර අදට මාස තුනකි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන තුරු කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැත. එමෙන්ම, විනාශ කර ඇති ගොඩ නැගිල්ල මේ වනතෙක් ප්‍රතිසංස්කරණය කිරීමකට ලක්කර නැති බව ද පැවසේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, නාමල් කරුණාරත්න ඇතුළු කිහිප දෙනෙකු විනාශ කර ඇති රාජසභා මණ්ඩපය නිරීක්ෂණ කිරීම සදහා අද එම ස්ථානයට ගොස් තිබුණු අතර, එම නිරීක්ෂණ චාරිකාවට විරෝධය පළ කිරීම සදහා තවත් පිරිසක් එහි රැස්ව සිටි බව වාර්තා වේ.

ඊට අමතරව, අදාල ස්ථානයේ උද්ඝෝණ පැවැත්වීම වළක්වමින්, පොලිසය වාරණ නියෝගයක් ගෙන තිබුණු අතර, නාමල් කරුණාරත්න පැවසුවේ, තමන් උද්ඝෝෂණයක් සදහා නොපැමිණි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + eleven =