රාජපක්ෂ විරෝධී අළුත් සන්ධානය; මැයි 01.

0
658
- Advertisement -

එක්සත් ජාතික පෙරමුණ, සිවිල් සංවිධාන සහ අනෙකුත් බහුජන ව්‍යාපාර එකමුතුව ගොඩ නැගීමට යන “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංධානය” මැයි පළමු වැනි දා පිහිටුවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. තනි නායකයෙකුගෙන් නොව, දස දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබීම මෙම අළුත් සංධානයේ විශේෂත්වයකි. කෙසේ වෙතත් නායකත්ව මණ්ඩලයට නායකත්වය දෙනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.