රාජපක්ෂ යුගයේ සිට රනිල් වික‍්‍රමසිංහ යුගය දක්වා බැදුම්කර ගනුදෙණු පිලිබදව සියලූ හෙළිදරව් කිරීම් ඇතුළත්ව ටිනාම ලියවිල්ලට මුද්‍රා තබයි.

0
3483
- Advertisement -

පාර්ලිමේන්තු සභාවාරය ජනවාරි මාසය තෙක් කල් තැබූ නිසා, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බැදුම්කරයේ වෝහාරික විගණන වාර්තාව, විවෘත කිරීමකින් තොරව, මුද්‍රා තැබීමට කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නැවත රැුස්වන ජනවාරි මාසයේ දී අලූත් කෝප් කමිටුවක් පත් වීමට නියමිත අතර, එහි සභාපති ධුරය සදහා සුනිල් හදුන්නෙත්ති මහතා පත් වේවිද නැද්ද යන්න කිසිවෙකුටත් කිව නොහැක.

අදාල වෝහාරික විගණන වාර්තාව, ජනාධිපතිවරණයට පෙර මහ බැංකුවට ලැබූ තිබුණු අතර, එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ කෝප් කමිටු සභාපති සුනිල් හදන්නෙත්ති මහතා යන මහත්වරු විසිල් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත්, මැතිවරණ සමයේ එම වාර්තාව හෙළිදරව් කිරීමෙන් කිසියම් පාර්ශ්වයකට අගතියක් වේ යැයි කියමින්, මහ බැංකුවේ නිළධාරීන් පිරිසක්, වෝහාරික විගණන වාර්තාව ලබා දීම ප‍්‍රතික්ෂේප කළේ ය.

2002 වසරේ සිට 2015 පෙබරවාරි දක්වා වූ බැදුම්කර ගනුදෙනු පිළිබදව මෙම වෝහාරික විගණන වාර්තාව තුළ කරුණු ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + four =