රාජපක්ෂලා අගවිනිසුරුවරියගෙන් පළිගත්තේ ඇයි…?

0
128
- Advertisement -

ආචාර්ය ෂිරාණි බණ්ඩාරනායක මැතිණිය, අග‍්‍රවිනිශ්චයකාර ධූරයෙන් නෙරපා හැරීම, රාජපක්ෂ යුගයේ සිදු වූ අනීතික කි‍්‍රයාදාමයට අයත් තවත් එක් බරපතල සිදුවීමකි.

රාජපක්ෂලා, ෂිරාණී බණ්ඩාරනායක මැතිණියගෙන් පළිගැනීමට තීරණය කළේ ඇයි…?

ඒ සදහා වූ හේතුු, ෂිරාණී බණ්ඩාරනායක මැතිණිය, සිය ධූරයේ දිවුරුම් දුන් දවසේ සිටම පෙළ ගැසී තිබුණි. කෙසේ වෙතත්, අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් වෛරය වඩාත් දරුණු ලෙස දළු ලෑමට හේතු වී ඇත්තේ, රාජපක්ෂලා විසින් ඉදිරිපත් කර තිබුණු නගර සහ ග‍්‍රාම සැළසුම් සංශෝධන පනත් කෙටුම්පත අනුමත කර ගැනීමට නම්, මුලින් එය සියළු පළාත් සභා වෙත ඉදිරිපත් කර, ඒවායෙන් අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කිරීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පනත පළාත් සභා වෙත ඉදිරිපත් කෙරුණි. උතුරු මැද මහ ඇමති, බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා සහ නැගෙනහිර මහ ඇමති වරයා ඊට එරෙහි වි ය.

අවසානයේ දී පනත හකුළා ගන්නට රාජපක්ෂවරුන්ට සිදු විය.
නගර සහ ග‍්‍රාම සැලසුම් සංශෝධන පනතේ බිහිසුණු පනතක් වන්නේ ඇයි..!

පහිත් පළ වන්නේ, අදාල පනත් කෙටුම්පත හරහා රාජපක්ෂලා කරන්නට උත්සාහ කළ මංකොල්ලය පිළිබදව තිසරණී ගුණසේකර විසින් ලියන ලද ලිපියක කොටසකි. මෙම ලිපිය උපුටා ගනු ලැබුවේ, ආචාර්ය ෂිරාණි ඒ බණ්ඩාරනායක මැතිණිය විසින් ලියන ලද උත්තරීතර කෘතියෙනි.

“නගර සහ ග‍්‍රාම සැලසුම් සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුනානම්, ඉඩම් පවරා ගැනීම පහසු, ඉක්මන් වගේම පූර්ණ නීතියට අනුකූල කි‍්‍රයාවක් වෙන්ඩ තිබුණා. රාජපක්ෂ පරම්පරාවට ගොවිපොලක් පිහිටලා තියෙන්නේ ”ආරක්ෂිත ප‍්‍රදේශයක” කර්මාන්ත ශාලාවක් පිහිටලා තියෙන්නේ ”ආරක්ෂිත ප‍්‍රදේශයක” එහෙම නැතිනම් ගෙයක ”ගෘහනිර්මාණාත්මක වටිනාකමක්” තියෙනවා කියලා තීරණය කරලා ඒවා නීත්‍යනුකූලව පවරා ගන්ඩ පුළුවන්කම තිබුණා. පහල තලයේ ගොවියාගේ ඉ`දලා, මධ්‍යම පාන්තික නිවෙස් හිමිකරුවෙකුත්, මහාපරිමාණ ව්‍යාපාරිකයෙකුත් විය හැකි කිසිම ශ‍්‍රී ලාංකිකයෙකුට කොල්ලකෑමේ බලය සහිත ඉතා දරුණු මේ නීතියෙන් ආරක්ෂා වීමේ හැකියාවක් පෙනුනේ නැහැ…

මේ පනත් කෙටුම්පතට බාධා කරපු පුද්ගලයෝ තුන් දෙනෙක් හිටියා. අග විනිසුරු බණ්ඩාරනායක, උතුරු මැද පළාතේ මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක සහ නැගෙනහිර පළාතේ මහ ඇමති සිවනේතුරෙයි චන්ද්‍රකාන්තන්.

මාස 14 ගෙවෙන කොට ඒ තුන්දෙනාටම රැුකියා අහිමි වෙලා.
අගවිනිසුරු වහලෙක් වීම ප‍්‍රතික්ෂේප කරපු හින්දා ඇයව නිරන්තර කරදරයට පත් කරලා තනතුරෙන් නෙරපා හැරියා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − thirteen =