රහසිගතව පවත්වාගෙන ගිය ත්‍රස්ත කඳවුරක් ඉන්දීය හමුදාව විනාශ කරයි

0
965
- Advertisement -

ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ රහසිගතව පවත්වාගෙන ගිය කැරළිකාර කණ්ඩායමක කඳවුරක් ඉන්දීය හමුදා විසින් විනාශ කර තිබෙනවා.

නාගලන්ත ජාතික සමාජවාදී මණ්ඩලය නම් වූ සන්නද්ධ කල්ලිය විසින් එය පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

පසුගිය ජූලි 5 වනදා සහ 6 වනදා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මනිපූරයේ පිහිටි නාග ගම්මානයක පැවති මෙම කඳවුර වැටලීමට හැකිවූ බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

එහි තිබී අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හමුවී ඇති බවද සඳහන්.