රහස් පොලීසිය තුෂාර ලූහුබදී.

0
1566
- Advertisement -

මාධ්‍යවේදී තුෂාර ඞී වන්නිආරච්චි මහතාගේ නිවස පරීක්ෂා කර බැලීම සදහා පොලිස් නිළධාරීන් පැමිණ ඇති බව වාර්තා වේ.

තුෂාර ඞී වන්නිආරච්චි මහතා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකාරක සහ එක්සත් ජාතික පක්ෂ ඩිජිටල් සන්නිවේදන අංශයේ ප‍්‍රධානියාව සිටියේ ය.
තුෂාර වන්නිආරච්චි මහතා මේ වන විදෙස් ගතව සිටියි.

රහස් පොලිස් නිළධාරීන් ඔහු පිළිබදව සොයා බැලීම සදහා ඔහුගේ නිවසට පැමිණ ඇති බව සදහන් කරමින් තුෂාර වන්නි ආරච්චි මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සදහන් කර තිබේ.

“මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි …….”

එක්ස්ත් ජාතික පක්ෂය ප්‍රමුක එකස්ත් ජාතික පෙරමුණේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අත්හදා බැලීමේ ආණ්ඩුව පරාජය වී තිබේ .ඒ සදහා රට තුල විවර වූ නව ප්‍රජාත්‍රවාදී වටපිටාව වැරදියට තේරුම් ගැනීම .තවත් දහසකුත් තාක්ෂණික කරනා මෙන්ම සීලාචාර මිනිසුන්ගේ සීලාචාර බල වියාපෘතිය අසීලාචාර මිනිසුන්ගේ අසීලාචාර බල වියාපෘතියක් විසින් පරාජය කිරීමක් ලෙසද දැක්විය හැකිය .

ඒ කෙසේ වෙතත් පසුගිය සතිය තුල කිහිප විටක්ම මා සොයා මාගේ නිවසට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තිබේ .ඔහුන් මාගේ අසල් වැසියන්ගෙන් මා ගැන ප්‍රශ්ණ කරමින් මාගේ දේශපාලන ක්‍රියාකාරකම් විමසා තිබේ .එසේම මා හමු වන්න එන අයගේන් හා මාගේ හිතවතුන්ගේ මෙන්ම නෑදෑයන්ගේ තොරතුරු විමසා තිබේ .මා දන්නා කියන මා සම්බන්දතා පවත්වනු ලබන ඩිජිටල් මාධ්‍ය කටයුතු සිදු කරන ආයතන වලටද දුරකථන ඇමතුම් දෙමින් මර්දනයක් ක්‍රියාත්මක කොට ඇත .

මා මාධ්‍ය වේදියෙකු නොවන අතර එකස්ත් ජාතික පක්ෂ යාන්ත්‍රණයේම කොටසකි .පසුගිය වසර පහ තුල පුර්ණ කාලීනව දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුන අතර නොවැම්බර් 16 වැනිදාට පෙර තිබු නිදහස සාමකාමී මිනිසුන් බියෙන් සැකෙන් තොර අයිතිවාසිකම් විදිමින් ගෙවූ රට හා සමාජය ගොඩ නැගීමට ඒ වෙනුවෙන් මා මාගේ කාර්ය කොටස ඉටු කලෙමි .
එසේම පසුගිය මැතිවරණයේදී අපේ කදවුරේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ කටයුතු වලට සක්‍රියව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ අතර එය එකෂත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසින්ඝ මැතිතුමාගේ හා පක්ෂයේ මහා ලේකම් අකිල කාරියවසම් මැතිතුමන්ගේ මෙන්ම නියෝජ්‍ය නායක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලාගේ පැවරුමක් වේ .ඒ වෙනුවෙන් මාගේ හැකියාවන් දැනුම හා සම්පත් යෙදවීම අපරාදමය වරදක් නොවන අතර මෙවැනි මර්දනයන්ට මා හෝ මාගේ කණ්ඩායම බිය වැද්දවීමට හෝ යටත් කර ගැනීමට සිතන්නේනම් එය මිරිගුවක් වේ .අවසාන වශයෙන් කිවයුත්තේ මැතිවරණයට පෙර මා කියූ සියල්ල සත්‍ය වන අතර පසුගිය දින 14 කට අඩු කාලයකදී ඔහුන්ගේ පාලනයේ එකදිපති පැසිසිට් සවරුපය රටටම හෙළි කොට දී තිබේ .
මිල්ටරි ජුන්ටාවට මා කියනුයේ මා දඩයම් කිරීමට ඔබ බොහෝ ඉහලට පැමිණිය යුතුය මන්ද මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 13 =