රහස් පොලීසියේ තවත් කීර්තිමත් නිළධාරියෙකුට ස්ථාන මාරුවක්.

0
754
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ, තවත් කීර්තිමත් නිළධාරියෙකුට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

ස්තාන මාරුව ලැබූ නිළධාරියා වන්නේ, සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා ය. ඒ මහතා අද, එනම් නොවැම්බර් මාසයේ 30 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයට මාරුකර යවා තිබේ.

සහකාර පොලිස් අධිකාරී බි.එස්. තිසේරා යනු, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම, මාධ්‍යවේදී කීත් නොයාර් සහ මාධ්‍යවේදි උපාලි තෙන්නකෝන් පැහැර ගැනීම, යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක විමර්ෂණ රැසක් මෙහෙය වූ නිළධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − two =