රසායනික පොහොර ආනයනය තහනම් කරමින් අපේ‍්‍රල් 26 නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගනී.

0
69
- Advertisement -

රසායනික පොහොර ආනයනය තහනම් කරමින්
අපේ‍්‍රල් 26 නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගනී.

රසායනික පොහොර – කෘමි නාශක – වල්නාශක
ආනයනය සදහා අද සිට පෞද්ගලික අංශයට අවසර ලබා දෙන බව
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

ඒ අනුව, පසුගිය අපේ‍්‍රල් 26 වන දා රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වන අතර, පෞද්ගලික අංශයට රසායනික පොහොර- කෘමි නාශක සහ වල්නාශක ආනයනයට අවසර හිමි වේ.

ඒ නමුත් හරිත කෘෂිකර්මයක් සදහා වූ රජයේ ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවන බවද අමාත්‍යවරයා පවසයි. ඒ අනුව, රසායනික පොහොර ආනයනයට රජය මැදිහත් නොවේ. රජයේ පොහොර සහනාධාර සහ සියල්ල ලබා දෙනු ලබන්නේ කාබනික පොහොර ගොවිතැන සදහා පමණි.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =