රවී කරුණානායක අත් අඩංගුවට ගන්නවා ද ? නැද්ද..? තීරණය අද.

0
397
- Advertisement -
Share

රවී කරුණානායක අත් අඩංගුවට ගන්නවා ද ? නැද්ද..?
තීරණය අද.

මහබැංකු බැදුම්කර වංචාවට අදාලව, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළුව හත් දෙනෙකුට එරෙහිව ඔවුන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් විසින් පසුගිය මාර්තු 07 වන දා වරෙන්තු නිකුත් කරන ලදී.

ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පැමිණිය ද, අත් අඩංගුවට පත් නොවී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මග හැර සිටීමට ඔවුන් සමත් විය.

පසුව, මෙම සැකකරුවන් සියළු දෙනා, තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා සිටිමින්, අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

එම රිට් පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය, අද දිනයේ දී එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + nine =