රඹුටං ඵලදාවට මහත් වූ පාඩුවක්, රඹුටං වගාකරුවෝ මැසිවිලි නඟති

0
662
- Advertisement -
Share

මෙවර රඹුටං ඵලදාව අඩු බවත් වන සතුන් නිසා ගිය වර්ෂයේ මෙන්ම මෙවරද තම වතුවල තිබෙන රඹුටං පලදාවට මහත් වූ පාඩුවක් සිදුව තිබෙන බවත් බුලත්කොහුපිටිය ප්‍රදේශයේ රඹුටං වගාකරුවෝ මැසිවිලි නඟති.

බුලත්කොහුපිටිය, ගැටියමුල්ල, අලවතුර, නෙව්ස්මියර්, තුම්භාගේ හා වියළපිටිය යන ප්‍රදේශවල පිරිසක් මෙලෙස අපහසුතාවට පත්ව සිටිති.

පසුගිය සමයේ ඇදහැලුණ අධික වර්ෂාවත් සමඟ රඹුටන් පලදාව මෙවර අඩු වී තිබෙන බවත් අතනින් මෙතන හටගෙන තිබෙන රඹුටන් ගෙඩි ටික පවා දහවල් කාලයේ රිළවුන්, වඳුරන්, දඬුලේනුන් හා රාත්‍රි කාලයේ වවුලන් කා දමන බවත් ඔවුහු කියති.

එමෙන්ම මේ සම්බන්ධව ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරීන් මෙන්ම ගොවිජන සේවා නිලධාරීන් වසර කිහිපයක සිට දැනුවත් කළද මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් රඹුටන් පලදාව සතුන්ගෙන් බේරා ගැනීම සඳහා අඩුම වශයෙන් වායු රයිෆල් ලබා දෙන ලෙසටත් රඹුටන් ගොවීහු වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 3 =