රනිල්, සජිත් හා කරූගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂාවට.

0
957
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන්, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා ඔවුන් නියෝජනය කරන දිස්ත‍්‍රික්කය හා ආසනය ජයග‍්‍රහණය කර තිබිය යුතු බවට වන යෝජනාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ සැලැස්මක් ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේ එකඟතාවය අනුව, අමාත්‍යවරයෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි පුවත්පත වාර්තා කරන්නේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම, එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන අපේක්ෂකයා අඩුම තරමින්, ලංකාවේ අපොස සාමාන්‍ය පෙළවත් සමත්ව තිබිය යුතු යැයි රවී කරුණානායක අමාත්‍යවරයා පවසා තිබුණි. කෙසේ වෙතත්, අදාල යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සම්මත වුවහොත්, දැනට ජනාධිපතිවරණ සටන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති නම් අතර ඉදිරියෙන්ම තිබෙන සජිත් පේ‍්‍රමදාස, රනිල් වික‍්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන අයට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට සිදුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =